Wednesday, December 24, 2014

Android සංස්කරණ ඉතිහාසය



Android කියන්නේ Google ලාගේ Linux පදනම් කරගෙන සැලසුම් කරපු මෙහෙයුම් පද්දතියක් ,ප්‍රදාන වශයෙන් මෙ මෙහෙයුම් පද්දතිය පාවිච්චි කරන්නේ Smart Phone සහ Tablet පරිගණකයි.මුලින්ම 2003 ඔක්තෝබර් මාසයේදී Andy Rubin,Rich Miner, Nick Sears සහ Chris White විසින් සොයාගන්නා ලදී.ඊටපස්සේ 2005 අගෝස්තු මාසයේදී Google සමාගම විසින් Android තමා සතුකරගන්නා ලදී.

(1) මේ සිද්දි වලින් පස්සේ පලවෙනි Android සංස්කරණ Android 1.0 නමින් 2008 සැප්තැම්බර් මාසයේදී HTC Dream (G1) දුරකතනයෙන් ප්‍රසිද්දියට පත්කරා




(2) ඔන්න ඉතින් 2009 අප්‍රේල් මාසයේදී Android 1.5 Cupcake නමින් ප්‍රසිද්දියට පත්කරා,මේ තැන ඉදන් තමයි Android මෙහෙයුම් පද්දතියට කෑම (අතුරු පස)වල නම් දාන්න පටන් ගත්තේ.මේ සංස්කරණයෙදී තමයි කැමරා වෙන් video කිරීමේ සහ video බැලීම ,Picasa සහ youtube වලට පින්තුර සහ video upload කිරීමේ හැකියාව මුලින්ම ලබා දුන්නේ.Cupcake කියන්නේ Cup එකක් හැඩයක අච්චුවක බෙක් කරපු පොඩි කේක් එකක්.




(3) Android 1.6 Donut සංස්කරණ 2009 සැප්තැම්බර් මාසයේදී ප්‍රසිද්ද කරා.මේ සංස්කරණයේ තමයි මුලින්ම Voice Search කිරීමේ හැකියාව ලබාදුන්නේ.ඒ වගේම Multi touch පහසුකමත් මේ සංස්කරණයෙදී තමයි මුලින්ම හම්බෙන්නේ. Donut කියන්නේ පාන්පිටි වලින් මුදු හැඩයට හදල ගැබුරු තෙලේ බැදගත්ත අතුරුපසක් .
 




(4) Android 2.0 / 2.1, i.e. Eclair නමින් 2009 ඔක්තෝබර් මාසයේදී ප්‍රසිද්දියට පත්කරා.මේ සංස්කරණයෙදී තමයි මුලින්ම Live walpaper එකතු කරලා තිබුනේ.අනික් Android සංස්කරණ වලට වඩා මේ සංස්කරණ යේ වේගය වැඩිකරලා තිබුනා. Eclair කියන්නේ දිගටි හැඩයක් තියෙන Cream puff එකක්.





(5) Android 2.2, i.e. Froyo නමින් 2010 මැයි මාසයේදී එළිදැක්වුනා.මේ සංස්කරණයෙදී camera එක පාලනය කරන buttons තිරයමත දිස්වන විදිහට සකස් කරලා තිබුන.ඒවගේම පළමු වතාවට USB Tethering සහ WIFI HOTspot ඔප්ෂන් ලබාදීලා තිබුන.Froyo කියන්නේ මිදුණු යෝගට් වලින් සාදන අතුරුපසක්.  




(6) Android 2.3, i.e. Gingerbread නමින් 2010 දෙසැම්බර් මාසයේදී ප්‍රසිද්ද කරා.මේ සංස්කරණය මුලින්ම එන්නේ SAMSUNG NEXUS S කියන දුරකථනය එක්කයි.මේ සංස්කරණය තමයි දැනට Android වල ජනප්‍රියම සංස්කරණය.මේ සංස්කරණයේ දී තමයි පලවෙනි වතාවට Camera දෙකක් සමග ක්‍රියාකරන Android සංස්කරණය.ඒ වගේම NFC පහසුකම මුලින්ම අවෙත් මේ සංස්කරණය එක්ක.  Gingerbread කියන්නේ ඉගුරු යුශ පාන්පිටි වලට මිශ්‍ර කරලා හදන කේක් වර්ගයක්.





(7) Android 3.0 සංස්කරණ Honeycomb නමින් 2011 පෙබරවාරි මාසයේ දී එළිදැක්වුනා.මේ සංස්කරණය විශේෂයෙන්ම හදල තිබුනේ Tablet පරිගණක වලටයි. මේ සංස්කරණය Multi core Processor සමග වැඩකළ හැකි විදිහට නිර්මාණය කරලා තියෙනවා. Honeycomb කියන්නේ මී වදයට.
 




(8) 4.0 සංස්කරණය Ice Cream Sandwich (ICS) නමින් 2011 ඔක්තෝම්බර් මාසයේදී නිකුත් කරා.මේ සංස්කරණයට wifi direct support සහ face unlock අලුතින් එකතුකරලා තිබුනා.Ice Cream Sandwich කියන්නේ චොකලට් බිස්කට් දෙකක් අතරට දමන ලද Ice Cream තට්ටුවක් .




(9) 4.1: Jelly Bean නමින් 2012 ජුලි මාසයේදී ප්‍රසිද්ද කරා .මේ සංස්කරණයට USB audio සහ Google wallet පහසුකම් එකතුකරලා තිබුනා.




(10) Android 4.4: Kit-kat නමින් 2013 සැප්තැම්බර් මාසයේදී අපු නවතම Android සංස්කරණයයි.පළවෙනියටම මේ සංස්කරණය එළිදැක් උනේ Nexus 7 Android tablet උපාංගය සමගයි.  Kit-kat කියන්නේ චොකලට් වලින් වටකරපු කුඩා බිස්කට් වලටය.




Android සංස්කරණය උපාංග ප්‍රතිශතය 1.6 Donut 0.20%
2.0 Eclair 2.40%
2.2 Froyo 9.00% 
2.3 Gingerbread 47.60% 
3.0 Honeycomb 1.50% 
4.0 ICS 29.10% 
4.1 Jelly Bean 10.20% 
Copy by http://www.soft-lanka.blogspot.com/2014/03/android.html 

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Best Web Host