Thursday, September 10, 2020

Dream Keyboard - වෙනස්ම Sinhala Keyboard එකක්

 


ලංකාවෙ මෙතෙක් නිර්මාණය කරපු සුපිරිම සිංහල කීබෝඩ් එක ගැනයි කියන්න යන්නෙ. Size එක 7.4 MB විතරයි. ඇප් එකේ නම Dream Keyboard.




පහළ තියන සියලුම පහසුකම් මෙතෙක් සිංහල කීබෝඩ් එකක පළමු වතාවට මේ ඇප් එකේ ඇතුළත් වන දේවල්.

⚡මේ කීබෝඩ් එකේ Interface එක design කළේ GBoard, IPhone keyboard, Swiftkey වගේ ඉහළම මට්ටමේ කීබෝඩ්වල design වලට අනුව. ඒ නිසා මේක දැනට තියන ලස්සනම කීබෝඩ් ඇප් අතරින් එකක්.

⚡ඉබේම අක්ෂර දෝෂ නිවැරදි කිරීමේ හැකියාව මේ කීබෝඩ් එකේ තියනවා. මේක තවමත් BETA මට්ටමේ තිබුණත් ඉංග්රීසි වචනවල වැරදි හා අකුරු මගහැරීම් බෝහෝ දුරට නිවැරදි වෙනවා. සිංහල වලත් පිල්ලම් වැරදි හා අකුරු මගහැරීම් තරමක් දුරට නිවැරදි වෙනවා. මේක ඉදිරියේදි තව වැඩි දියුණු කරනවා.

⚡කීබෝඩ් එකකට අවශ්ය සෑම Theme වර්ගයක්ම ඇතුළත් අංග සම්පූර්ණ Themes Store එකක් තියනවා. Live themes, Gradient themes සහ Automatic Day-Night theme, Red LED theme එකත් මේකට ඇතුළත්. මේ සියලුම Themes ඔයාලට සම්පූර්ණයෙන් නොමිලේ පාවිච්චි කරන්න පුළුවන්.

⚡වඩාත් නිවැරදි Suggestions පෙන්වීමේ හැකියාව තියනවා. ඔයාලා වැරදි අකුරු හෝ අකුරු මගහැරීම් කළත් ඉහළ තීරුවෙ නිවැරදි වචනෙ පෙන්නනවා.

⚡කීබෝඩ් එකකට අවශ්ය Gestures තියනවා. Space key එකෙන් cursor එක move කිරීම, Backspace key එක මත ඇදීමෙන් සම්පූර්ණ වචන මැකීම, කීබෝඩ් එකේ ඉහළ සිට පහළට ඇදීමෙන් කීබෝඩ් එක Close කිරීම කියන Gestures දැනට ඇතුළත්. ඉදිරියේදී තව Gestures මේකට ඇතුළත් කරනවා.

⚡ඔයාලගෙ device එකෙන් support කරන ඔක්කොම ඉමෝජි තියනවා. වෙන කීබෝඩ්වල තියන සමහර ඉමෝජි කොටු විදිහට පෙන්නන දෝෂය මේකෙ නිවැරදි කරල තියෙන්නෙ (සමහර Android 5 devices වල හැර). Skin Tone Emojis හා Android 11 ඉමෝජි, Custom emoji styles ඊළඟ අප්ඩේට් එකෙන් මේකට ඇතුළත් කරනවා.

⚡GBoard එකේ වගේම අංග සම්පූර්ණ හා පැහැදිලි Clipboard එකක් තියනවා.

⚡සුපිරි Personal Dictionary එකක් තියනවා. ඔයාලා ටයිප් කරන අලුත් වචන මේකට ඇතුළත් වීමට අමතරව ඔයාලා කැමති shortcut එක්ක වචන save කරලා ඒවා පස්සෙ use කරන්න පුළුවන්.

⚡Cursor එක අල්ලන්නෙ නැතුව කීබෝඩ් එකෙන්ම cursor එක move කරන්න, Text select කරන්න, Copy, Paste කරන්න පුළුවන්. ඒ වගේම ඕනම ඇප් එකක් ඇතුළෙ ටයිප් කරන දෙයක් කීබෝඩ් එකෙන්ම Undo හා Redo කරන්න පුළුවන් (Android 5 හැර).

⚡Spell Check, Double Space Period හා Auto Capitalize වගේ ලේසියෙන් ටයිප් කරන්න උදවු වෙන features ඇතුළත්.

⚡මීට අමතරව සාමාන්ය කීබෝඩ් වල තියන Voice Typing (Google Services තිබීම අතවශ්යයි), Phonetic හා විජේසේකර ක්රමවලින් සිංහල ටයිප් කිරීම, Emoji Row, Number Row, Sound & Vibrate සහ අනිත් සියලුම පහසුකම් මේ කීබෝඩ් එකේ තියනවා.

⚡⚡⚡වැදගත්ම දේ තමයි මේ සියලුම පහසුකම් තිබිලත් මේ ඇප් එක Lite ඇප් එකක්. ඇප් එකේ size එක 7.4 MB විතරයි (Play Store). 1GB වගේ RAM එකක් තියන ෆෝන් එකකත් සුපිරියට වැඩ. අලුත්ම Android version වල ඇප් එකට යන්නෙ storage එකෙන් 20MB විතරයි (පරණ version වල සුළු වශයෙන් වැඩි විය හැක). Battery හා CPU භාවිතය ඉතාමත් අඩුයි.


Play Store එක නැති අයට මෙතැනින් Download කරගන්න


⭐ ඇප් එක තවම අලුත් නිසා අඩුපාඩු තියෙන්න පුළුවන්. සියලුම අඩුපාඩු ඊළඟ අප්ඩේට් එකෙන් අපි අනිවාර්යයෙන් නිවැරදි කරනවා. ඊට අමතරව ඇප් එකට අලුතෙන් එකතු වෙන්න ඕන දේවල් වගේ ඕනම අදහසක් අපිට කියන්න.
⭐ ඇප් එක ළඟදිම Huawei App Gallery එකටත් දානවා.
⭐ දැනට අපි සිංහල ටයිප් කරන ක්රමය ඉංග්රීසි ටයිප් කිරීමත් එක්ක බලද්දි හුඟක් මන්දගාමියි. මේකට විසඳුමක් විදිහට අපි පොඩි අත්හදා බැලීම් කිහිපයක් කරලා මෙතෙක් කිසිම සිංහල කීබෝඩ් එකක් හිතලවත් නැති විදිහෙ අලුත්ම ක්රමවේද කිහිපයක් හඳුනා ගත්තා. මේවා පොඩි දේවල් වුනත් සිංහල කීබෝඩ් එකකට දැම්මොත් දැනට සිංහල ටයිප් කරනවට වඩා 30%ක් (දළ වශයෙන්) විතර වේගෙන් ටයිප් කරන්න පුළුවන්. ඉදිරියේදි මේ පහසුකම් එකින් එක අපි මේ කීබෝඩ් එකට ඇතුළත් කරනවා (පොඩි කාලයක් ගතවෙයි).
විස්තරේ කෙටියෙන් එච්චරයි 😊. ඇප් එක අරගෙන බලලා අදහස් අපිට කියන්න. ❤

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Best Web Host