Wednesday, June 14, 2017

Facebook කලබවපු නයා යවන හරිම විදිය..


මුලින්ම මේ ඇප් එක ඩවුන්ලොඩ් කරගන්න..

 කරන්න තියෙන්නෙ සුලු දෙයක්.. ඔය ඇප් එක ඕපන් කරලා Show Snake ක්ලික් කරන්න එච්චරයි..

තව settings යටතේ time එකක් ලබා දීම මගින් නයා screen එකට පැමිණීමේ කාලය සකසා ගැනීමටද පුලුවනි.. (facebook තුල #Ran කියා comment කර නයා දැක ගැනීමට හැකි බව පවසා ඇත එය මුලාවකි, ඒ සියලු දෙනා මෙය සිදු කරන්නේ මෙම ඇප් එක මගිනුයි)

Thursday, March 9, 2017

Crazy Voice Game Chicken Scream is Going Viral - යටිගිරියෙන් කෑ ගහ ගහ ගේම් ගහමු


යටිගිරියෙන් කෑ ගහ ගහ ගේම් ගහමු. විනෝදාස්වාදය නිසා පෝස්ට් කරන්න හිතුනා මිසක්. මේකනම් වැඩකට නැති පිස්සු ගේම් එකක්. මේකේ නම Chicken Scream. පහල වීඩියෝ එක බැලුවනම් අදහස තේරෙනවා.


https://play.google.com/store/apps/details?id=com.perfecttapgames.chickenscream
මෙතැනින් ඩවුන්ලෝඩ් කරගන්න

**** චිකන් ස්ක්‍රීම් සෙල්ලම් කරන්න හරි ලේසියි ****
   -  කුකුලව ඇවිදවන්න ඕන උනාම පොඩි සද්දයක් දාන්න.
   -  නතරකරන්න ඕන උනාම සද්ද කරන එක නතර කරන්න.
   -  කුකුලව උඩ පන්නවන්න ඕන උනහම් හයියෙන් කෑ ගහන්න.
   -  වතුරට වට්ටන්නෙ නැතුව ගෙනියන්න. කුකුලන් සියල්ලම අන්ලොක් කරගන්න.


Monday, January 30, 2017

ගීතෙය් කටහඩ ඉවත්කර, ඔබේ කටහඩින් නැවත ගයමු





ඕනෑම ගීතයක කටහඩ ඉවත් කර අපේම කඩහඩින් ගායනය කරන්න පුලුවන් ඇප් එකක් ගැනයි අද කියන්න යන්නේ. පාවිච්චි කරන්නත් හරිම ලේසියි. මේකේ නම තමයි SingPlay. මෙය සිදු කිරීම සදහා අන්තර්ජාලය අවශ්‍ය නොවේ.
උත්සව අවස්ථාවලදී සහ මිතුරන් සමග ගීත ගායනයේදී ඉමහත් වැදගත් ඇප් එකක්.

https://play.google.com/store/apps/details?id=com.nexstreaming.app.singplay


 පියවර:
• උඩ තියෙන ලින්ක් එකට ගිහින් ඇප් එක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ට්‍රෝල් කරලා open කරගන්න.
• Music Library වෙත ගොස් සාමාන්‍ය ගීතයක් තෝරන්න.
• දකුණුපස පහලින් ඇති 🎤 මයික් සලකුණ ක්ලික් කිරීමෙන් කටහඩ ඉවත් කරගන්න පුලුවන්
     (ගීතවල තත්වය අනුව එය වෙනස්විය හැක)
• වම් පස පහලින් ඇති REC බටන්එක මගින් ගීතය රෙකොඩ් කරගත හැකියි.
     (හොද ප්‍රථිපල සදහා HandFree එකක් භාවිතා කරන්න



ඒ වාගේම අපි ගායනා කරන ගීතය save කර ගැනීමෙන් පසු, My Recording වෙත පිවිස
  * අපි ගායනා කර ගීතයේ ශබ්දය අඩු හෝ වැඩි කිරීම.
  * මුල් ගීතයේ ශබ්දය අඩු හෝ වැඩි කිරීම.
  *  Pitch Control කිරීම.
  * Tempo Control කිරීම.
  * ගීතයට ඡයාරූපයක් එක්කිරීමද සිදුකරගත හැක
  * අවසානයේ MP3 ගොනුවක් ලෙස save කර තබාගතහැක.
  * සියල්ල අවසානයේ Facebook, YouTube, and Google+ වෙත ලේසියෙන්ම share කල හැක.

Supported Audio Format: .mp3, .aac, .m4a (AAC), .wav, .flac, .ogg
Output: .mp4 (AAC), .mp3

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Best Web Host