Thursday, February 11, 2016

මැසෙන්ජර් ඇප් එකේ අලුත් වැඩ කෑලි...


කවුරුත් දන්න හදුනන. facebook මැසේජ් යවන්න භාවිතා කරන මැසෙන්ජර් ඇප් එක ලගදි දවසක අලුත් අප්ඩේට් එකක් ඇවිත් තිබුනා.
1. ලයික් බටන් එකේ රූපය මාරු කිරීම.
2. යාලුවාට Nicknames එකක් ලබා දීම.
3. Chat Colour එක වෙස් කිරීම
4. Hart පාවීම ( "<3" ටයිප් කරලා බලන්න )
5. වර්ශ අවසානයේදී හිම වැටීම සහ වර්ශ ආරම්භයේදී එම වර්ශය දිස් වීම.
මේ ලයක් එක වෙනුව‍ට පහල තියෙන ඔිනෙම රූපයක් ලයික් බටන් එක විදියට යොදාගන්න පුලුවන්.

මුලින්ම Play Store ගිහින් Messenger ඇප් එක අප්ඩේට් කරගන්න..
නැති අය ඩවුන්ලෝඩ් කරගන්න...
https://play.google.com/store/apps/details?id=com.facebook.orca

දැන් ඇප් එක open කරලා වෙනස් කරන්න ඔීන කෙනා තෝරලා Details කියන ක්ලික් කරන්න.(කරන විදිය තේරුනේ නැතිනම් පහල රූප බලන්න)
ඒක යටතේ තියෙනවා Emoji කියලා එකක් ඒකේ තියෙන ඔිනම රූපයක් ක්ලික් කරලා තෝරගන්න.

දැන් එ් තොරපු යාලුවාට ලයික් බටන් එක පෙන්න තැන සුපුරුදු ලයික් එක එක වෙනුවට ඔයා තෝරපු රූපයයි තියෙන්නේ...




ගේම් ප්ලේ කරලා මුදල් හොයමු වැඩි විස්තර වැඩි විස්තර වැඩි විස්තර වැඩි විස්තර

Sunday, January 31, 2016

Metal Soldiers (Action Game for Android)


මේක නම් ෆට්ටම ගේම් එකක් කොච්චර ගැහුවත් එපා වෙන්නෙත් නෑ, කොච්චර ගැහුවත් ඉවර වෙන්නෙත් නෑ....
ෆිල්ම් වල වගේ සුපිරිම සටනක් දෙන්න තියෙන්නේ, ඒ වාගේම coin එකතු කරලා වේගය සහ උඩ පැනීමේ දුර වගේ දේවලුත් වැඩි කර ගන්න පුලුවන්
මේ ගේම් එකේ විශේෂත්වය තමයි...
අපි ගේම් එක පැරදුනෙත් 25coin දිලා ගේම් එක එතැන් පටන් ආරම්භ කරන්න පුලුවන්එහෙම නැත්තම්,
• Play Video බටන් එක ඔබලා එයාලා දෙන වීඩියෝ එක බලලා නොමිලේම එතැන් පටන් ආරම්භ කරන්න පුලුවන්.
• කිසිදු මුදල් අයකිරීමක් නැත.
අපි දන්න හදුනන ගොඩාක් ආයුධ වර්ග තියෙනවා, එ්වා අහුල ගන්නත් පුලුවන්.
• මුලු ගේම් එකම බටන් හතරකින් play කරන්න තියෙන නිසා හරිම පහසුයි.


Friday, December 25, 2015

MomentCam කාටූන් සහ ස්ටිකර් නිර්මාණය කරමු..!



ලේසියෙන්ම කා‍ටුන් ෆොටෝ, කාටුන් ඇනිමේශන් නිර්මාණය කරගන්න පුලුවන් ඇප් එකක් ගැන තමයි අද කියන්න හදන්නේ..(පහලින් Screenshot ටික බැලුවනම් තෙරෙයි)



මේ ඇප් එක මගින් ලබා දී ඇති තේමාවන්ට(Themes) අනුව ඔබගේ හෝ ඔබගේ යහලුවන් සමග ගන්නා ලද ඡායාරූප සැනෙකින් කටුන් රූප බවට පත් කරගන්නත්, Emoticons Stkers හදා ගන්නත් පුලුවන්. ඒ වාගේම රැවුල, කොන්ඩය, තොපිපි සහ මුහුණේ හැඩරුව අවශ්‍ය ආකාරයක‍ට වෙනස් කර ගත හැක.
පහලින් ඩවුන්ලොඩ් කරගන්න.

http://dw.uptodown.com/dwn/yQ8snFtgRZWPT8VHQr-MBWO-X22FAOt8QB1Op083VtxsQjta7aNDYB6vYkcm-Uz7Nm_5fm9Xmt6LPwShhDxcSZA59SEb2wxWOktx4G2CKFx-WGIQxKZGhbAvTvo4axHj/C0SutQIStlCVC7b4lrGE8y-unQkAVrji37H8gBk6cX-EWYHWbF8-O0MJtM5Et_ytztCDu_-c98gqSXMiiRzefveuTbWBTjpaowZs9MbAIYzGnWgtKv8zsd1ZkK3GBzFn/


විශේෂාංග: 
► සිනා උපදවන කාටූන් හා ඇනිමේශන් emoticons සකසා ගැනීම.(මුහුණු හැඩ, කොණ්ඩය කැපීම) 
ඔබේ වර්ණවත් හැඟීම් හා තත්වයන් ප්‍රකාශකිරීමේ ඡයාරූප හදා ගැණීම. 
► TEXT BUBBLES මගින් විහිළු ඡයාරූප සකසා ගැනීම. 
► ෆේස්බුක්, ට්විටර්, ඉන්ස්ටග්රෑම් හා WeChat ඔබේ ඡයාරූප හා සජීවිකරණ ස්ටිකර් බෙදා ගැණීම.
►ඔබට පුදුමය, දුක, ආදරය, හා තවත් බොහෝ පෙන්වීමට මුහුණේ ඉරියව් වෙනස් කළ හැකිය. 
► ඔවුන් පෞද්ගලික විකට රූප නිර්මාණය කිරීම සහ පවුල හා මිතුරන් අතර ඔබේ පිරිසක් සමග එය බෙදා හදා ඔබේ මිතුරන් පුදුම කරවීම. 
► MomentCam ඇප් එක හරහාම. ලොව පුරා ජනතාව හා බෙදාගැණීම.
GIFs Animation Facebook Timeline එකෙහි කෙලින්ම පලකිරීමේ හැකියාව.

Wednesday, November 25, 2015

දුරකථනයෙන් "මවුසය සහ කී බෝඩය" පාලනය කරමු...!


Sinhala Android Trick වෙතින් අද කියන්න යන්නේ, ස්මාර්ට් ෆෝන් එකෙන් අපගේ පරිගණකයේ මූස්කය(Mouse) සහ යතුරුපුවරුව පාලනය කරනා ආකාරය ගැනයි. එ් වයිෆයි මවුස් ඇප් එක භාවිතාකොට ගෙනයි. පහලින් ගිහින් ගන්න Pro Version APK එක තියෙන්නේ..

http://adf.ly/1SJ0Zx

මුලින්ම මෙය සපුරා ලීමට නම් ඔබගේ පරිගණක‍ය WiFi ජාලයක් හරහා සම්බන්ද වීම  අනිවාර්ය වේ.
එසේ නැතනම් WiFi Dongal එකක් භාවිතයෙන්ද කරගත හැක. (මේ සදහා කිසිදු ‍Data අයවීමක් සිදුවන්නේ නැත)
මෙය සෑම පරිගණක මෙහෙයුම් පද්ධතියකටම සරිලන සේ සකසා ඇත. ඔබගේ පරිගණකාය් ස්ථාපිත මෙහෙයුම් පද්ධතියට සරිලන Software එක පහතින් ලබා ගන්න.

https://www.dropbox.com/s/8slia24xdjnhzhw/Mouse-Server-%20www.sinhalaandroidtricks.blogspot.com.exe?dl=0
~Other Operating System~


පියවර:-
මුලින්ම PC Software එක Download කරන් Install කරගන්න.
කම්පියුටර් එකේ Task Bar එකේ අයිකන් එක open කරලා IP Address  එක බලාගන්න.
ෆෝන් එකේ APK එක open කරලා Server කියන එකට ගිහින් ඔයාගේ PC එකේ IP එකට Connect කරගන්න.
 
WiFi Dongal එකක් පමණක් ඇති අය මෙම ක්‍රමය උත්සහ කරන්න
• ඔයාගේ දුරකථනයේ WiF Hotpot එකක් Open කරගන්න.
• ඒ Hotspot එකෙන් පරිගණකය Connet කරගන්න.
• PC එකට Software එක Install කරලා.
ෆෝන් එකේ APK එක open කරලා Server කියන එකට ගිහින් ඔයාගේ PC එකේ පෙන්නන IP එකට Connect කරලා බලන්නකෝ.. 
වැඩේ ගොඩනේ.. දැන් ඉතිං ඇදේ හාන්සි වෙලා ඉන්න ගමන් උනත් Computer එක පාලනය කරන්න පුලුවන්..

වැඩිදුර විස්තර:-
Wireless Mouse
    ක්ලික් කිරීම, රයිට් ක්ලික් කිරීම, ඩ්‍රැග් කිරීම සහ ස්ක්‍රෝල් කිරීම
Wireless Keyboard
   ඇන්ඩ්රොයිඩ් යතුරු පුවරුව හෝ පරිගණකය යතුරු පුවරුව ආකාරයෙන්ම ඇති ඇප්ලිකේෂණයේ යතුරු පුවරුව භාවිතය.
Wireless Joystick
   පරිගණක ක්‍රීඩා පහසුවෙන් පාලනය කිරීම.
➢ Computer Controllers
   වෙබ් බ්‍රවුසර්, මීඩියා Player(VLC), Presentation සහ පරිගණකය Shutdown කිරීම වැනි දෑ පහසුවෙන් කරගත හැකි වීම.
➢ Phone Sensor
   ඉදිරිපස සෙන්සරය මගින් Desktop Mod භාවිතය (Pro APK Only)


 

Friday, October 9, 2015

Super Beam Pro APK Full Free Download WiFi Direct Share


Sinhala Andriod Tricks වෙතින් අද අරගෙ ආවේ වැදගත්ද දෙයක්. ඔයාලගේ සිංදු, වීඩියෝ, ෆයිල් සහ හැම දෙයක්ම ඉක්මනින්ම ‍තවත් යාලුවන්ට යවන්න පුලුවන් ඇප් එකක්, මේකේ නම තමයි Super Beem.

මෙය අන්ලොක් (Pro) Version එක වන අතර මෙය Play Strose එකෙන් මිලදී ගන්නේ නම් $3.39 වේ. ලංකා‍වේ මුදලින්නම් Rs.200/= ක් පමණ වේ.  නමුත් මම මේ ඇප් එක ඔයාලට නිකන් (Free) දෙනවා.
 
Free Version එකේ එක් වරකට files 5ක් පමනක් Shair කිරීමට ලබා දුන්නත් මම ලබා දෙන Pro එක මගින් කැමති ප්‍රමාණයක් Shire කිරීමට පුලුවන්.  SuperBeam ඇප් එක වයිෆයි සෘජුව භාවිතා කරන නිසා ඉතා වේගයෙන් ඔබගේ උපාංග අතර විශාල ගොනු බෙදා හදා ගැනීමට ඇති පහසුම ක්‍රමයක් වේ. සම්බන්ධතා සඳහා අනුමැතිය ලබා ගැනීමට QR කේත හා Sharing Key යන ආකාර දෙකෙන් කැමති ආකාරයක් තොරාගත හැකියි. පහලින් භාගත කරන්න.


http://adf.ly/1Pg3kf


වැඩිදුර තොරතුරු:-
ඍජු වයිෆයි භාවිතා වේගය ඉතා ඉහලයි.
NFC තාක්ෂණය හෝ QR කේතය ස්කෑන් භාවිතයෙන් Pair කරගත හැක.
• File විශාල ප්‍රමාණයක් ‍Shere කරගත හැක. (Pro Version Only)
File Receiving කිරීමේදී Location එක තොරා දිය හැකියි. (Pro Version Only)
• Mobile Data Auomatically On/Off කිරීමේ ඇති හැකියාව. (Pro Version Only)
• අපගේ නමකින් Hospot එකක් විවෘත කර එ් මගින් File Share කිරීම.
• Super Beam ස්ථාපන කර නොමැති දුරකතන මගින් පවා File ලබා ගැනීම‍ට ඇති හැකියාව. 

SuperBeam ස්ථාපනය කර නොමැති දුරකථන හෝ පරිගණක මගින්ද File Download කරගන්නා ආකාරය බලමු. :-
• File එක Share කරන දුරකථනයේ "WEB" වෙත පිවිසෙන්න (පහල ScreenShot එක බලන්න).
• ‍File එක ලබාගන්නා දුරකථනයෙන් හෝ පරිගණකයේ WiFi On කර අංක "1" යටතේ ඇති WiFi Networks එකට Connet කරගන්න. Password එක තමයි ඔය යටින් තියෙන්නේ. (පහල පෙන්නන්නේ මගේ දුරකථනයේ WiFi නම, ඔයාලගේ දුරකථනයේ පෙන්නන නම‍‍ට අනුව Connet කරගන්න.)
• Connect උනානම් ඕනෑම Web Browsers එකකින් (Firefox,Chrome) අංක "3" පෙන්නන Web Addres එක type කරන්න. මුල් දුරකථනයෙන් share කරපු සේරම File පෙන්නාවි.
• දැන් Download කරගන්නයි තියෙන්නේ..

 

Tuesday, September 1, 2015

Whaff ඇප් එ‍කෙන් මුදල් හොයමු...! (100% Works)

මෙන්න අරගෙන ආවා සුපිරිම ඇප් එකක්, මේක තමා ජීවිතෙට හම්බවුන හොදම app එක හුරේ✊..... ඇප් එකේ නම තමයි WHAFF, WHAFF APP එක ගැන සම්පූර්ණම විස්තර ටික මං කියන්නම් මුල ඉදලම කියවලා වැ‍ඩේට බහින්නකෝ.....

Whaff කියන්නෙත් Play-Store එකේ තියෙන ඇප් එකක්. මේ ඇප් එකෙන් පුලුවන් අපිට සල්ලි හොයන්න (හොර සල්ලි නෙවෙයි ඇත්තම සල්ලි)
මේකෙන් වෙන්නේ මෙහෙම දෙයක්:
 Whaff App එක ප්‍රධාන වශයෙන් සල්ලි හොයන්නෙ වෙන Company වල App Promote කරල. Promote කරනව කියන්නෙ මිනිස්සු ඒ App Download කරල Install කරල use කරන්වට ඒ Companies WHAFF එකට ගෙවනව.
ඒ App Promote කරන්නෙ අපිටනේ... ඒක නිසා අපිටත් ගෙවනවා.
ඕක තමා සීන් එක. App Install කරනවට විතරක් නෙවේ තව ගොඩක් ඒවට ගෙවනවා.

එතකොට ලැබෙන සල්ලි:
ඇත්තටම සල්ලි ලැබෙනවා, ඒවා ‍‍ඩොලර් වලින් තමයි ලැබෙන්නේ,
ඒ ලැබෙන මුදල් එයාලා Paypal එකට Money Back කරනවා, එකෙන් අපිට සල්ලි ගන්නත් පුලුවන් නැත්තම් Ebay එකෙන් බඩු එහෙම ගන්නත් පුලුවන්.

https://play.google.com/store/apps/details?id=com.whaff.whaffapp


එහෙනම් දැන් වැඩේ පටන් ගමු:
1) අලුත්ම Whaff App එක Google Play Store එකෙන් Download කරගන්න.(Andriod 2.3 සහ ඉට පසුව පැමිණි මෙහෙයුමු පද්ධති සදහා)
2) දැන් තියෙන්නෙ ඔයාලගෙ Facebook Account එක Use කරල ඕකට login වෙන්න.
3) App එකෙ දකුණු පැත්තෙ උඩ කොනේ තියෙනවා login කියල ඒක touch කරන්න ඊට පස්සෙ Facebook ඹsername & password ගහල login වෙන්න.
4) ඊලඟට අහන එකේ නිල් පාටින් OK කියල තියෙන එක touch කරන්න.(loading කියල වැටෙනකොට screen එක touch කරන්න එපා.)
5) ඊට පස්සෙ අහනව INVITATION CODE කියල එකක්. ඒකට මේක ගහන්න BU75336
ඕක ගැහුවම ඔයාලට $0.30 or $0.60 බෝනස් එකක් හම්බෙනවා.මොකුත් ගැහුවෙ නැත්නම් ඔයාට කීයක්වත් නෑ. ඒක නිසා මේ Code එක ගහන්න මතක තියාගන්න BU75336.
හරි දැන් ඔයාට $0.30(සමහර වෙලාවට $0.60) හම්බෙලා ඇති.බලන්න උඩ දකුණු කොනේ.
 6) PREMIUM PICKS දැන් ඔයාල ඉන්නෙ Premium Picks tab එකේ. දැන් ඕකෙ දීල තියෙන App Free Download කරල ඔයාලට සල්ලි හොයන්න පුලුවන්. Install කරනවට දෙන ගාන දාල තියෙනවා. ඒ වගේම ඔය App හැමදාම Use කරන කොට ඔයාලට හැමදාම නිකන් සල්ලි හම්බෙන්ව. Use කරන්න ඕන Time එකයි ඒකට ගෙවන ගානත් දාල තියෙනවා.

එහෙනම් වැඩේ පටන් ගන්න, එහෙනම් මම ගියා.
වැඩ් වැඩියෙන් ක්‍රීඩා කර වැඩ් වැඩියෙන් මුදල් උපයන්න.

Monday, August 31, 2015

InstaMag - Collage Maker ලේසියෙන්ම පොටෝ හදමු..!

මෙන්න ගෙනාවා මේ වන විට සමාජ වෙබ් අඩවිතුල විශාල වශයෙන් ජනප්‍රිය ඇප් එකක් මේක නමින් InstaMag, මේ ඇප් එකෙන් විවිද වූ ආකාරයට අලංකාර කොලාජ් තනාගත හැකිය.

මෙහි පුදුමය නම් තත්පරයක් වැනි සුලු කාලයක් ඇතුලත ලස්සන collage තැනීමේ හැකියාවයි, ලෝකයේ මිලියන 50 කට අධික පරිශීලකයන් පිරිසක් InstaMag භාවිතා කරන අතර, මෙහි අලංකාර නිර්මාණය තේමාවන් ස්ටයිල් 300 කට අධික‍ව පවතී . නූතන මාදිලිය‍ෙ විලාසිතා 10,000+ කට අධික කොලාජ් නිර්මාණ යෙදීමේ හැකියාවක් ඇත. පහලින් ඩවුන්ලෝඩ් කරගන්නකෝ....

https://play.google.com/store/apps/details?id=com.instamag.activity
InstaMag  විසින් නව විලාසිතා සතියකට දෙවරක් UPDATE කරන අතර, 
Library වෙත පිවිස නවතම මෝස්තර ලබා ගැනීමට ඔබට පුලුවන්.(පහත ජායාරූප බලන්න)





Thursday, April 30, 2015

Uninstall කරන්න බැරි ඇප්ස් Uninstall කරමු...!

අද කියන්න යන්නේ Uninstall කරන්න දෙන්නේ නැති apps Uninstall කරන විදිය ගැන,
සමහර ඇප්ස් තියෙනවා Install කරාට පස්සේ Uninstall කරන්න බැරි ඒවා.උදාහරණයක විදියට Go Locker ඇප්ස් එක ගමු.(පහළ ScreenShot ටික බලන්නකෝ)  ඒවයේ Force stop,Uninstall & Clear data කියන බටන් Hiddin වෙලා තියෙනවා පේනවද? ඒ ඇප්ස් Device එකේ Administrotar වලින් ඇක්ටිව් වෙලා තියන නිසා....ඒ වාගේ ඇප්ස් Uninstall කරන්නනම් Administrotar Device එකෙන් Deactivate කරගන්න ඔින.


එහෙනම් වැඩේ පටන්ගමු, මුලින්ම Settings යන්නකෝ.
ඒකේ ඇති Security කියලා එකක් ඒක open කරාලා ටිකක් යටට ගියාම ඇති Device Administrotar කියලා එකක්, ඒක open කරන්න

Device Administrotar open කරාම මේ විදියට පෙන්නයි. හරි ලකුණකින් පෙන්නලා තියෙන්නේ ඔයාගෙ Device එකේ Activate  වෙච්ච ඇප්ස්.

ඔතන තියෙන හරි ලකුණ ඉවත් කරාම Uninstall කරන්න පුලුවන්, හරි ලකුණ ඉවත් කරන්නනම් ඒක උඩ එක පාරක් ඔබන්න(click) කරන්න. ඉට පසුව මේ විදියට එයි, ඒකේ  Deactivate බටන් එක ඔබන්න.


දැන් හරි ලකුණ නෑ නේද?
එහෙනම් වැඩේ ගොඩ දැන් Uninstall කරන්න පුලුවන් වෙන්න ඔින. හා මේ තියෙන්නේ Screenshot එකක් වැඩ් හරි ගිහිල්ලා.

සතුටින් Uninstall කරකර ඉන්න, තවත් අලුත් post එකකින් හමිබවෙමු.
Good Buy Friends...........

Tuesday, March 31, 2015

ඇප්ස් "Install Blocked" අවුල හදාගමු...!


 
අදත් පොඩි ප්‍රශ්නයකට පිලියමක් අරන් අවා. මම ගිය පාර පොස්ට් එකෙන් කියුවා මතකද Play Store ඇප්ස් ඔයාගේ PC එකෙන් ගන්න විදියක්(කියවපු නැති අය මෙතන ක්ලික් කරන්න APK PC Download).ඒවා ගත්තට install කරගන්න බැරි උනා නේ? ‍මේක කියවුවම පුලුවන් වෙයි.

දැන් මුලින්ම ඔයාට install කරගන්න ඕන ඇප්ස් එක ක්ලික් කරන්න.
එත කොට මේ විදියට Next කියලා එකක් එයි ඒකත් ඔබන්න.

දැන් වැටිලා තියෙන install කියන එකත් ඔබන්න.

Install Blocked කියලා වැටෙනවා නේද?
ඔය දකුණු පැත්තේ තියෙන Settings ඔබන්න.

Settings ක්ලික් කරාම එන වින්ඩෝ එකේ යටටම යන්න.
යටට ගියාම තියෙනවා Unknown Sources,Verify Apps කියලා දෙකක්(රුපය බලන්න)
ඔකේ Verify Apps (අංක 1 තියෙන ඊතලයෙන් පෙන්නන) හරි ලකුණ අයින් කරන්න(හරි ලකුණ මත ක්ලික් කර විට ලකුන ඉවත් වෙනවා)
දැන් Unknown Sources (අංක 2 තියෙන ඊතලයෙන් පෙන්නන) එකට හරි ලකුණ දාන්න.

 Unknown Sources කියන එකට හරි ලකුණ දාපු ගමන්
 Unknown Sources කියලා පොඩි වින්ඩෝ එකක් එයි ඒකේ කිසිම හරි ලකුනක් නොදා Ok ඔබන්න.

දැන් ෆෝන් එකේ Back බටන් එක ඔබලා පස්සට යන්න.
ආයෙමත් ඔයාගේ ඇප්ස් එක ඉන්ස්ට්‍රෝල් කරලා බලන්න.
දැන් වැඩේ හරි, තත්පර 5-6 යද්දි ඉන්ට්‍රෝල් වෙයි.

මම අද‍ට නවතිනවා, තව ලිපියකින් හම්බු වෙමු

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Best Web Host